Qantas සමාගමට ඩොලර් මිලියන 120 ක් ගෙවීමට සිදුව තිබෙනවා.
ඒ COVID 19 වසංගත කාල සීමාවේදී සමාගම විසින් නීති විරෝධීව සේවකයන් 1800 කට වැඩි පිරිසක් සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් බවයි දැක්වෙන්නේ.
Qantas සමාගම විසින් ප්‍රවාහන සේවක සංගමය (TWU) සමග ඇති කරගත් එකගතාවය මත පදනම් ව ඔවුන් විසින් මෙම තීරණය ගෙන තිබීම ද විශේෂත්වයක්.
2020 වසරේ දී Qantas සමාගම විසින් ගමන් මළු ප්‍රවාහනය කරන්නන් සහ පිරිසිදු කරන්නන් ඇතුලු සේවකයන් පිරිසක් මෙලෙස සේවයෙන් ඉවත් කිරීම නීති විරෝධී බවට ඔස්ට්‍රේලියානු මහාධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබෙනවා.
ප්‍රවාහන සේවක සංගමය සහ Qantas සමාගම විසින් ඇති කරගත් ගිවිසුමට අනුව සමගමේ තීරණය ඔස්සේ අගතියට පත්වූ සේවකයන් 1820 දෙනෙකුට ගෙවීම් සිදුකිරීම වෙනුවෙන් ලබන වසර මුලදී අරමුදලක් පිහිටුවීමට සමාගම විසින් එකගතාවය පළ කර ඇති බවයි සදහන් වන්නේ.
Qantas සමාගමේ 2024 වර්ෂය සදහා වූ වාර්ෂික වාර්තාව මගින් පෙන්වා දෙන්නේ අදාළ නඩුව වෙනුවෙන් ඩොලර් මිලියන 70 ක අමතර මුදලක් වෙන් කර ඇති බවයි.
කෙසේ වෙතත් 2024 වර්ෂයට අදාළව සමාගමේ ලාභය ඩොලර් බිලියන 1.7 සිට ඩොලර් බිලියන 1.25 දක්වා පහත වැටීමට ද මෙය හේතු වී තිබෙන බවයි එම වාර්තාව හරහා සමාගම විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ