ලොව සුන්දරම රටවල් සම්බන්ධයෙන් ශ්‍රේණිගත කිරීමක් සිදු කර තිබෙනවා.
U.S News & World Report දත්ත මත පදනම්ව සිදු කර ඇති මෙම ශ්‍රේණිගත කිරිමේ දී ඔස්ට්‍රේලියාවට 9 වන ස්ථානයත් ශ්‍රී ලංකාවට 37 වන ස්ථානයත් හිමි ව තිබෙනවා.
ඒ අනුව ලොව සුන්දරම රට බවට පත්වී ඇත්තේ ග්‍රීසියයි.
එම ශ්‍රේණිගත කිරීමේ දී නවසීලන්තයට දෙවන ස්ථානය හිමිව ඇති අතර එහි තෙවන ස්ථානය ඉතාලියට හිමිව තිබීම ද විශේෂත්වයක්.
එහිදී ස්විට්සර්ලන්තය සහ ස්පාඤ්ඤය පිළිවෙලින් සිව් වන ස්ථානය සහ පස් වන ස්ථානය සදහා තේරී පත් ව තිබෙන බවයි දැක්වෙන්නේ.
ශ්‍රේණිගත කිරීමේ දී තායිලන්තය හය වන ස්ථානය දිනා ගනිද්දී නෝර්වේ වෙත හිමිව ඇත්තේ එහි හත් වන ස්ථානයයි.
අයිස්ලන්තයට මෙහිදී නව වන ස්ථානය හිමිව ඇති පසුබිමක ලොව සුන්දරම රටවල් අතර දස වන ස්ථානය ඔස්ට්‍රියාවට හිමිව තිබෙන බවයි එහි වැඩිදුරටත් සදහන් වන්නේ.