Search

මෙවර නත්තලේ මෙල්බන් ළමුන්ට දිය හැකි හොදම තෑගි මෙන්න

මෙවර නත්තල් උත්සව සමයේදී මෙල්බන් ළමුන්ට ලබා දිය හැකි හොද නත්තල් ත්‍යාග පිළිබදව නම් කිරීමක් සිදු කර තිබෙනවා.

මෙම නම් කිරීම වාර්තා කර ඇත්තේ මෙල්බන් වික්ටෝරියා වෙබ් අඩවිය ව්සින් වීම ද විශේෂත්වයක්.

ඒ අනුව මෙවර නත්තල් සමයේදී මෙල්බන් ළමුන්ට වෙත ලබා දිය හැකි හොදම නත්තල් ත්‍යාගය ලෙස නම් කර ඇත්තේ “Worry Monster” වන අතර එම ත්‍යාගය ඩොලර් 15 ක මුදලකට පාරිභෝගිකයන්ට මිලදී ගනීමට අවකාශය හිමි වනවා.

මෙම ත්‍යාග ලැයිස්තුව සදහා “Chocolate Kolas” ද ඇතුලත් ව තිබෙන අතර ඒවා ඩොලර් 4.90 කට මිලදී ගැනීමට පාරිභෝගික ජනතාව වෙත හැකියාව පවතින බවයි සදහන් වන්නේ.

වෙබ් අඩවිය විසින් නම් කර තිබෙන ත්‍යාග අතරට “UNO Flip Cards” ද අන්තර්ගත ව පවතින පසුබිමක ඒවා ඩොලර් 14.50 ක මුදලකට ලබා ගත හැකි බවයි එහි දක්වා ඇත්තේ.

එමෙන්ම ඩොලර් 14.95 කට පාරිභෝගිකයන් වෙත මිලදී ගැනීමේ අවකාශය පවතින “Hatching Dinosaur Egg” ද නත්තල් ත්‍යාග ලැයිස්තුවේ ඉදිරියෙන් පසු වීම ද කැපී පෙනෙනවා.

“Touch lamp Koala” නම් වූ මෙම සුවිශේෂි නත්තල් ත්‍යාගය ද ඩොලර් 29.95 කට මිලදී ගත හැකි බවයි වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇත්තේ.

මීට අමතරව Nanoblocks Flinders Street Station, Unicorn Necklace, 90s Tamagotchi, Mini instant Camera සහ Balance Bike යන ත්‍යාග ද මෙවර නත්තල් උත්සව සමයේ මෙල්බන් ළමුන් වෙත ලබාදිය යුතු නත්තල් ත්‍යාග ලැයිස්තුවේ පවතින බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »