
ඉදිරි මූල්‍ය වර්ෂයේ මැද භාගය වන විට ඔස්ට්‍රේලියානු ලොම් නිෂ්පාදනයේ සීග්‍ර පහත වැටීමක් පෙන්නුම් කෙරෙනවා.
ඒ වසර 100 ක කාලසීමාවකට පසුව වීමද විශේෂත්වයක්.
මෙලෙස ලොම් කර්මාන්තය විශාල පසුබෑමකට ලක්ව ඇත්තේ ලොම් මිල පහළ යෑම, සාම්ප්‍රදායික ගොවීන් ලොම් කර්මාන්තයෙන් බැහැර වී වෙනත් කෘෂිකාර්මික කටයුතුවලට යොමු වීම වැනි සාධක මත පදනම් ව වන බවයි දැක්වෙන්නේ.

මේ සම්බන්ධව Australian Wool Production Forecasting Commitee (AWPFC) විසින් පෙන්ව දී ඇත්තේ 2024-2025 මූල්‍ය වර්ෂයට සමගාමීව ඔස්ට්‍රේලියානු ලොම් නිෂ්පාදනය 12% ක් පමණ පහත වැටෙනු ඇති බවයි.
ඒ අනුව ඔස්ට්‍රේලියානු ලොම් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 280 ට වඩා අඩුවෙන් ඉදිරි මූල්‍ය වර්ෂයේ දී නිෂ්පාදනය සිදු විය හැකි බවටයි ඔවුන් අපේක්ෂා කෙරෙන්නේ.

1920 – 21 මූල්‍ය වර්ෂයෙන් පසුව ඔස්ට්‍රේලියාව තුළ ලොම් නිෂ්පාදනයේ මෙතරම් පහත වැටීමක් සිදු නොවී තිබීම ද කැපී පෙනෙනවා.
මෙවැනි පසුබිමක් තුළ ඔස්ට්‍රේලියාවේ ලොම් නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා බැටළුවන් ප්‍රමාණය ද 11.7 කින් පමණ පහත වැටෙනු ඇති බවයි වැඩිදුරටත් පුරෝකතනය කෙරෙන්නේ.