Search

ශ්‍රී ලාංකික යුවලක් නිසා ඇඩිලේඩ් හි කුඩා දරුවෙකුගේ ජීවිතය බේරෙයි

ඇඩිලේඩ් හි වඩාත් කාර්යබහුල මාර්ගයක් වන Regency Road හිදි සිදුවෙන්න ගිය අනතුරකින් දරුවෙකු බේරා ගැනීමට ශ්‍රී ලාංකේය යුවලක් සමත්ව තිබෙනවා.

පාර මාරුවන ස්ථානයක නියමිත සංඥා ගැන අවබෝධයකින් තොරව මෙම කුඩා දරුවා පාර හරහා යෑමට උත්සහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී ඒ ආසන්නයෙන්ම ගිය ශ්‍රී ලාංකික යුවලක් සිටි මෝටර් රථයේ පැදවූ ශ්‍රී ලාංකිකයා ඉක්මනින් තිරිංග තද කර දරුවාට වෙන්න ගිය ජිවිත අවදානමින් බේරා ගැනීමට සමත් වුණා.

අදාළ දරුවාගේ දෙමාපියන්ද මෙම යුවලට ස්තුති වන්ත වී ඇති අතර පරික්ෂාකාරීව අවබෝධයෙන් රිය පැදවීම හේතුවෙන් මෙම අනතුර වලක්වා ගැනීමට හැකිව තිබුණා.

මෙම සිද්ධිය ඊයේ රාත්‍රී 7.30ට පමණ සිදුව තිබු අතර අදාල ශ්‍රී ලාංකික යුවල මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සිදුවූ දේ තවමත් අදහා ගත නොහැකි බවත් එම සිද්ධියට මුහුණ දුන් දරුවාද දැඩි ලෙස බියට පත්ව සිටි බවයි.

 

අදාළ සිදුවීම වාහනයේ ඉදිරිපස කැමරාවක සටහන් ව තිබු අයුරු මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මෙම අවස්ථාවට මුහුණ දී ඇත්තේ කුෂානි ජයකොඩි සහ දුලාජ් සිල්වා යන දෙදෙනාටයි.

ඔවුන් ඉතා ඉක්මනින් පොලීසිය සම්බන්ධ කරගනිමින් අදාළ දරුවා දෙමාපියන් වෙත භාරදී තිබෙනවා.

 

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »