ඉහළ යන ජීවන වියදම සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියානුවන් මෙවර නත්තල සැමරීම වෙනුවෙන් Centrelink දීමනාවන් ලබාගැනීම සදහා විශාල උනන්දුවකින් පසු වනවා.
කෙසේ වෙතත් දෙසැම්බර් 25, 26 සහ ජනවාරි 01 වනදා යන නිවාඩු දිනවලදී Centrelink දීමනා ලබාගැනීමට නොහැකි බවයි පැවසෙන්නේ.
නැවත ආදයම් වාර්තා කිරීමට සදහා Centrelink දීමනා ලබාගැනීම සදහා දීමනා ලාභීන්ට ජනවාරි 2 වනදා සිට අවකාශය හිමි වන බවයි දැක්වෙන්නේ.
මෙම නිවාඩු දිනයන් හේතුවෙන් දීමනාවන් රැසක්ම ලබා ගැනීම සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු දිනයන් මෙන්ම ගෙවීම් හිමිවන දිනයන් ද වෙනස් වී තිබෙනවා.
නිදසුනක් ලෙස දීමනා හිමියෙකුගේ ආදායම් වාර්තා ඉදිරිපත් කරන දිනය දෙසැම්බර් 20 නම් සංශෝධිත දින වකවානුවලට අනුව එම දිනය දෙසැම්බර් 19 ලෙස වෙනස් වී තිබෙන බවයි දැක්වෙන්නේ.
Centrelink විසින් මේ වනවිටත් අදාළ සංශෝධිත දින වකවානු සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.
Centrelink වෙබ් අඩවියට පිවිසීම හරහා ඒ සම්බන්ධ සියලු තොරතුරු දීමනා ලාභීන් වෙත ලබාගැනීමේ අවකාශය පවතින බවද සදහන්.