Search

වසර 150 කට පසුව ඔස්ට්‍රේලියානුවන්ට අභියෝගාත්මකම නත්තල මෙවර

වසර 140 කට පසුව ඔස්ට්‍රේලියානුවන් විසින් මුහුණ දෙන අභියෝගාත්මක නත්තල මෙම වසරේදී පැමිණ ඇති බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඉහළ යන ජීවන වියදම හමුවේ පසුගිය වසර තුනක කාලය තුළ සිල්ලර භාණ්ඩවල මිල 33% කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි සදහන් වන්නේ.

“The Salvation Army Australia” විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වාර්තාව ඔස්සේ මෙම කරුණු හෙළිවී තිබෙන බවයි සදහන් වන්නේ.

ඒ අනුව මෙවර නත්තල් දිනය සැමරීම සදහා ඔස්ට්‍රේලියානුවන්ගෙන් 17.4% ක් ණය ලබා ගන්නා බවයි එම දත්ත වාර්තා හරහා පෙන්වා දී ඇත්තේ.

මෙවැනි පසුබිමක මෙවර නත්තල් සමයේදී වෛද්‍ය බිල්පත් ගෙවීමට නොහැකි වී සිටින ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රමාණය 19.2% ක් වීම ද කැපී පෙනෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 24% කට පමණ මෙවර නත්තල වෙනුවෙන් අවශ්‍ය තරම් ආහාර පාන පරිභෝජනය සදහා නොමැති බවද මෙම දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී තිබෙනවා.

මේ අතර මෙවර නත්තල් නිවාඩුව මග හැරෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ප්‍රමාණය 39.2 ක් බවයි දැක්වෙන්නේ.

එමෙන්ම ඔස්ට්‍රේලියානුවන්ගෙන් 35.8 ක් පමණ ජීවන වියදම ඉහළ යෑම හමුවේ අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් නත්තල් දින සැමරුම මෙම වසරේදී සිදුකරන බවයි එම දත්ත වාර්තා හරහා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »