සිඩ්නිහි මසක සිට අතුරුදන්ව සිටි කාන්තාවකගේ මල සිරුරක් සිඩ්නි උපනගරයේ උද්භිද උද්‍යානයක පොලිතින් කවරයක ඔතා තිබියදී සොයාගැනීමට පොලීසිය පසුගිය නොවැම්බර් 30 වනදා සමත් වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි Greenacre කාන්තාවක් වන Li, නැමැත්තියක්.
ඇගේ සිරුර සොයාගැනීමෙන් පසු පොලිසිය පැවසුවේ, 33 හැවිරිදි ඇගේ සැමියා වන චෙන් ද මාසයක සිට අතුරුදහන්ව සිටි බවයි.
අද පස්වරු දෙකට පමණ පොලිසිය විසින් ලී සොයාගත් ප්‍රදේශයේම තිබූ දෙවන මල සිරුර සොයා ගෙන ඇති අතර සිරුර මෙතෙක් විධිමත්ව හදුනාගෙන නැහැ.
කෙසේ වෙතත් මෙම සිරුර 33 හැවිරිදි ලීගේ ස්වාමියාගේ බවට සැක කෙරෙනවා.
මෙම යුවල අවසන් වරට නොවැම්බර් මස මුල් දින කිහිපය තුළ දැක ඇති අතර ඉන් පසුව ඔවුන් ගැන කිසිදු තොරතුරක් ලැබී නැහැ.