Search

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා පත් කෙරේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා වශයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ ජගත් වික්‍රමරත්න පත් කර තිබෙනවා.

ඒ අද (17) උදෑසන ආරම්භ වූ පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර දීයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක අශෝක රන්වල ඉකුත් දා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව මෙලෙස නව කතානායකවරයා පත්වීම සිදුවුණා.

වෛද්‍ය පරිපාලකයෙකු ලෙස සේවය කර ඇති ඔහු පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබුවා.

මේ අතර සමගි ජන බලවේගයෙන්ද කථානායකවරයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර තිබුණද අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී කථානායකවරයෙකු සඳහා නමක් යෝජනා නොකිරීමට ඔවුන් පියවර ගෙන ඇති බව සදහන්.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »