ඩොලර් ලක්ෂ 02 ක දිනුමක් එපා කියන්න ගිය සිඩ්නි පවුල

ඩොලර් ලක්ෂ 02 ක ලොතරැයි දිනුමක් දිනා ඇති බවට අදාළ ලොතරැයි සමාගම විසින් දුරකථන ඇමතුම රැවටීමක් (Prank call)ලෙස සිතා ප්‍රතික්ෂේප කල පුවතක් සිඩ්නි නුවරින් වාර්තා වේ.

Padstow ප්‍රදේශයේ පදිංචි තැනැත්තෙකු මෙම මුදල දිනා ඇත්තේ පසුගිය අගහරුවාදායි.

එදින රාත්‍රියේ ලොතරැයි සමාගමේ නියෝජිතයන් විසින් ඔහුට ඒ බව දැනුම්දීමට දුරකථනයෙන් අමතා ඇත.

ඔහුගේ දියණිය විසින් එම ඇමතුම ප්‍රතික්ෂේප කර ඇත්තේ එය බව සිතීමෙන් පසුවයි.

කෙසේවෙතත් පසුදින එම සිද්ධිය පියාට පැවසීමෙන් පසු ඔවුන් තීරණය කර ඇත්තේ ජයග්‍රාහී ලොතරැයි අංක පිළිබඳ විමසීමටයි.

එහිදී තහවුරු වී ඇත්තේ ඔවුන්ට ඩොලර් ලක්ෂ 02 ක මුදලක් හිමිවී ඇති බවයි.

එය දැන ගැනීමෙන් පසු පුදුමයට පත්වූ බව පවසන ඔවුන් සඳහන් කරන්නේ මෙම මුදල වියදම් කරන ආකාරය පිළිබඳ තවමත් සිතා නොමැති බවයි.

සංගක්කාරට ලොකු පුටුවක්

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත්කර තිබේ.

Read More »

දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »