Search

බිලියනයකට එකක් වන බිත්තරයක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

ගෝලාකාර බිත්තරයක් ඔස්ට්‍රේලියානු ඩොලර් 398ක මුදලකට වෙන්දේසී වීමේ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තැ වනවා.

මෙලෙස ගෝලාකාර බිත්තරයක් හමුවන සම්භාවිතාව බිත්තර බිලියනටකට එකක් බවයි වාර්තා වන්නේ.

මීට පෙර මෙවැනි බිත්තරයක් මෙල්බන් වලින්ද හමුව තිබුණා.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය වෙන්දේසියක අලෙවි වූ මෙම බිත්තරයෙන් ලබා ගත් මුදල යුවෙන්ටාස් පදනමට පරිත්‍යාග කර ඇති බව සදහන්.

එම පදනම Oxfordshire පුරා සිටින තරුණ තරුණියන්ට උපදේශන සේවා සපයන සහ මානසික සෞඛ්‍ය ගැටලු වලට සහාය සපයන පුණ්‍යායතනයක් වනවා.

මෙම බිත්තරය පුණ්‍යායතනය සඳහා වෙන්දේසියේ එක් අයිතමයක් පමණක් වූ අතර වෙන්දේසියෙන් රැස් කළ මුළු අරමුදල් පවුම් 5,000 ක් බව පුණ්‍ය ආයතන ප්‍රධානියා සදහන් කළා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »