වනුවාටු අගනුවර වන පෝට් විලා වෙරළට ඔබ්බෙන් රිච්ටර් මාපකයේ 7.3 ක භූමිකම්පාවක් වාර්තා වී තිබෙනවා.
එම ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති අතර ඔස්ට්‍රේලියාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි දැනුම් දී ඇත්තේ.
ඔස්ට්‍රේලියාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා කාර්යාංශය තහවුරු කර තිබෙනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ දත්ත වලට අනුව භූමිකම්පාව කිලෝමීටර් 57 ක් ගැඹුරු මුහුදෙන් හටගෙන ඇති බව සදහන්.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානුවන් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැතැයි සදහන් කර තිබෙනවා.
භූමිකම්පාවෙන් පසුව වනුවාටු රජයේ වෙබ් අඩවි ක්‍රියාවිරහිතව ඇති අතර වනුවාටු හි සමහර වෙරළ තීරයන් සඳහා සුනාමි රළ ගැන අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරුණා.
දූපත් 80 කින් යුත් වනුවාටු හි 330,000 ක් පමණ වාසය කරන බව සදහන්.