ඇමරිකාවේ විස්කොන්සින් හි ක්‍රිස්තියානි පාසැලක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව තිදෙනෙක් මියගොස් තිබෙනවා.
අදාළ වෙඩි තැබීම සිදු කර ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලබමින් සිටි 17 හැවිරිදි සිසුවියක් බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීමෙන් ගුරුවරයෙක් සහ පාසැල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර අදාළ වෙඩි තැබීම සිදුකළ සිසුවියද සියදිවි නසාගෙන තිබෙනවා.
වෙඩි තැබීමෙන් තවත් සිසුන් 6 දෙනෙක් තුවාල ලබා ඇති අතර දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය පාසලේ ආරක්ෂාව තර කර තිබෙනවා.
සිද්ධියත් සමග එම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන්ද කළබලයට පත්ව ඇති අතර අනෙක් ළමුන් ආරක්ෂිතව දෙමාපියන් වෙත භාරදී ඇති බව සදහන්.