Search

වසර 4කට පසු වික්ටෝරියා වලට වාර්තාගත වැඩිම උෂ්ණත්වයක්

වසර 4කට පසු වික්ටෝරියා හි වාර්තාගත ඉහළම උෂ්ණත්වය මෙම සති අන්තයේ අපේක්ෂා කරන බව කාලගුළ විද්‍යා කාර්යාංශය පවසනවා.

කාලගුණ විද්‍යාඥ Aisone Osborne පැවසුවේ ලබන සතියේ ආරම්භයේ සිට වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සහ රට අභ්‍යන්තරයේ 48C දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

දකුණු ඔස්ට්‍රේලියාව , වික්ටෝරියා සහ NSW සඳහා ඉතා උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන අතර තද සුළං හේතුවෙන් ලැව්ගිනි අවදානමද ඉහළ යනු ඇතැයි සදහන්.

පර්ත්හි බ්‍රහස්පතින්දා උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සහ බදාදා සෙල්සියස් අංශක  40ක උෂ්ණත්වයක් අපේක්ෂා කරන බවයි පුරෝකතනය කර ඇත්තේ.

විශේෂයෙන් දැඩි උෂ්ණත්වයෙන් වැඩිම බලපෑමක් වික්ටෝරියා ප්‍රාන්තයට සිදු වන අතර වික්ටෝරියා හදිසි සේවා යෙදුම (Vic Emergency App) හරහා නිකුත් කරන අනතුරු ඇඟවීම් සදහා අවධානය යොමු කරන ලෙස ප්‍රාන්ත වැසියන් වෙත  දැනුම් දීමක් කර තිබෙනවා.

2019 වසරෙන් පසු මෙල්බන් හි උණුසුම්ම දෙසැම්බර් මසය මෙම වසරේ බවයි කාළගු විද්‍යා අංශ පුරෝකතනය කර ඇත්තේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »