
Qatar Airways ගුවන් සමාගම විසින් ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
පැවති COVID – 19 වසංගත තත්වය හේතුවෙන් Qatar Airways ගුවන් සමාගම විසින් ඔස්ට්‍රේලියානු ජාතික අගනුවර තුළ සිය ගුවන් සේවාවන් අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් මෙම මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ දෛනික සේවා කැන්බරා වෙත නැවත පැමිණෙන බවයි සමාගම විසින් ප්‍රකාශ කර තිබෙන්නේ.

නැවතත් කැන්බරා වෙත ගුවන් සේවාව ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් තම සමාගම සතුටු වන බවයි Qatar Airways සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු Badr Mohammed Al- Meer විසින් ප්‍රකාශ කර ඇත්තේ.
Qatar Airways ගුවන් සමාගම විසින් Virgin Australia ගුවන් සමාගමේ 25% ක කොටස් මිලදී ගැනීම සදහා අනුමැතිය ඉල්ලා තිබෙන පසුබිමක ඔවුන් මෙම තීරණයට එළඹ තිබීම ද විශේෂත්වයක්.

මෙල්බන් සිට දෝහා දක්වා ක්‍රියාත්මක වන ගුවන් සේවාවට අමතරව ඇඩිලේඩ් – මෙල්බන් – දෝහා දක්වා දිවෙන ගුවන් ගමන් සේවාවක් ද මේ වනවිට ක්‍රියාත්මක වන බවයි දැක්වෙන්නේ.
කැන්බරා සිට ආරම්භ වීමට නියමිත නව Qatar Airways ගුවන් යානා මෙල්බන් වෙත පැමිණෙන තුන්වන Qatar Airways ගුවන් සේවාව ලෙසයි සැලකෙන්නේ.
ACT Chief Minister Andrew Barr විසින් පෙන්වා දී ඇත්තේ මේ හරහා සමස්ත කැන්බරා කලාපයටම ප්‍රතිලාභ හිමිවන බවයි.