මෙම වර්ෂයේදී ඔස්ට්‍රේලියාව තුළ වැඩිම ස්ථිර පදිංචි වීසා (PR) සංඛ්‍යාවක් හිමි වූ වීසා කාණ්ඩ සම්බන්ධයෙන් දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යංශය (ABS) විසින් මෙම දත්ත වාර්තාව නිකුත් කර තිබෙන බවයි දැක්වෙන්නේ.
ඒ අනුව මෙම වර්ෂයේදී වැඩිම සංක්‍රමණිකයන් ප්‍රමණයකට ස්ථිර පදිංචිය ලබා දී තිබෙන වීසා කාණ්ඩය වන්නේ “Skilled (Permanent) Visa” කාණ්ඩයයි.
ඒ යටතේ සංක්‍රමණිකයන් 40,700 කට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි වී තිබෙනවා.
එම දත්ත වාර්තාවලට අනුව “Family Visa” කාණ්ඩය හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගෙන ඇති සංක්‍රමණිකයන් සංඛ්‍යාව 23,100 ක් බවයි දැක්වෙන්නේ.
“Special Eligibility & Humanitarian” වීසා කාණ්ඩ යටතේ සංක්‍රමණිකයන් 17,500 දෙනෙකු ඔස්ට්‍රේලියාව තුළ ස්ථිර පදිංචිය හිමි කර ගෙන තිබීම ද කැපී පෙනෙනවා.
මේ අතර “Other (Permanent)” වීසා කාණ්ඩ යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගත් සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 9,600 ක් බව ද සදහන්.
ඒ අනුව මෙම වීසා කාණ්ඩ යටතේ ඔස්ට්‍රේලියාව තුළ ස්ථිර පදිංචිය ලබා ගෙන සිටින සමස්ත
සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 90,900 ක් වීම ද විශේෂත්වයක්.
එමෙන්ම මෙම වර්ෂයේ දී ස්ථිර පදිංචිය සහිත වීසා බලපත්‍ර ලබා ගත් සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය 13% කින් පමණ ඉහළ ගොස් ඇතැයි එම දත්ත වාර්තාවේ වැඩිදුරටත් සදහන්.