Search

වික්ටෝරියානුවන්ට ඉදිරි දිනවල දැඩි උණුසුම් කාලගුණයක්

වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ඉදිරි දිනවලදී දැඩි උණුසුම් කාලගුණයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඊයේ සවස් කාලය වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ Mallee ප්‍රදේශයේ Walpeup හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.1 දක්වා ඉහළ අගයක් ගෙන තිබුණු අතර එය දෙසැම්බර් මාසයේදී වාර්තා වූ දෙවන ඉහළම උෂ්ණත්වය ලෙසයි සැලකෙන්නේ.

මෙල්බන් හි CBD කලාපයේ උෂ්ණත්වය ද ඊයේ සවස් කාලය වනවිට සෙල්සියස් අංශක 38.8 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

Geelong සහ Ballarat හි උෂ්ණත්වය ඊයේ දිනයේ දී පිළිවෙලින් සෙල්සියස් අංශක 42.3 ක් සහ 40.8 ක් ලෙස සටහන්ව තිබෙන අතර මෙම කාලසීමාවේ දී එම කලාපවල වාර්තා වූ ඉහළම උෂ්ණත්වය මෙය වන බවයි පැවසෙන්නේ.

මෙල්බන් හි West Gate පාලම ආසන්නයේ ඇතිවී තිබෙන ලැව් ගිනි තත්වයක් ඇතිවී තිබීම හේතුවෙන් දැඩි දුමාරයක් පවතින බවට වාර්තා වනවා.

මේ නිසා රථවාහන රියදුරන්ට සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

Gleanpark, Pootila, Dean Wattle Flat ආදි ප්‍රදේශවල ඇතිවිය හැකි ලැව් ගිනි තත්වයන් සැලකිල්ලට ගනිමින් Ballarat ආසන්නයේ පිහිටි Creswick හි පදිංචිකරුවන් ට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසට අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.

මේ අතර Casterton – Edenhope මාර්ගයේ ඇතිවූ ලැව් ගිනි තත්වයක් හේතුවෙන් බටහිර Wimmera කලාපයේ Chetwynd සහ Power Creek හි පදිංචිකරුවන්ට ද ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසට බලධාරීන් විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවයි දැක්වෙන්නේ.

වික්ටෝරියා හදිසි සේවා යෙදුම (Vic Emergency App) හරහා නිකුත් කරන අනතුරු ඇඟවීම් සදහා අවධානය යොමු කරන ලෙසයි ප්‍රාන්ත වැසියන් වෙත බලධාරීන් විසින් දැනුම් දී ඇත්තේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »