නිවාඩු දිනයන් හි ඔස්ට්‍රේලියාවේ රථවාහන දඩ ක්‍රියාත්මක කිරීම ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා.
ඒ අනුව Double Demerits ක්‍රමවේදය ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ආදේශවන ආකාරය වෙනස් වන අතර ඇතැම් ප්‍රාන්ත වලට නිවාඩු දිනයන්හි Double Demerits ලිහිල් වන බව සදහන්.
වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා, Northern Territory සහ ටස්මේනියා යන ප්‍රාන්ත වලට මෙම වසරේ නිවාඩු දිනයන් හි Double Demerits ක්‍රියාත්මක නොවන බව සදහන්.
නමුත් NSW, ACT සහ බටහිර ඔස්ට්‍රේලියාවේ Double Demerits ක්‍රමවේදය වෙනස් වන අතර විශේෂයෙන් NSW වේගයෙන් ගමන් කිරීම, නීති විරෝධී ලෙස ජංගම දුරකථනයක් භාවිතා කිරීම, හිස්වැසුමක් නොමැතිව ගමන් කිරීම, ආසන පටියක් පැළඳ නොසිටීම හෝ වැනි කරුණු සැලකිල්ලට ගන්නා බව සදහන්.
විශේෂයෙන් NSW, ACT සහ බටහිර ඔස්ට්‍රේලියාවේ මෙම Double Demerits ක්‍රමවේදය දෙසැම්බර් 20 සිට ජනවාරි 1 දක්වා ක්‍රියාත්මකයි.
ක්වින්ස්ලන්ඩ් හි මේ තත්වය වෙනස් වන අතර ක්වින්ස්ලන්ඩ් හි රියදුරු බලපත්‍රයක් හිමි ඕනෑම අයෙක් ඔස්ට්‍රේලියාවේ කොහැන හෝ නිවාඩු දිනයන් හි රථවාහන වැරැද්දක් සිදු කරන්නේ නම් එම වැරැද්ද ක්වින්ස්ලන්ඩ් හි සිදුවූවක් මෙන් සලකා නිතිය ක්‍රියාත්මක කරන බව සදහන්.