Search

ළමුන් අතර ව්‍යාප්ත වන භයානක රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාව තුළ Pneumococcal රෝගයේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය දත්ත වාර්තා මගින් දක්වා තිබෙනවා.

මෙවැනි පසුබිමක ඔස්ට්‍රේලියා ප්‍රතිශක්තිකරණ පදනම (Immunisation Foundation Australia) විසින් පෙන්වා දී ඇත්තේ පසුගිය වසර ආරම්භයේ සිටම ඔස්ට්‍රේලියාව පුරා Pneumococcal රෝගීන් 4500 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි.

මෙය 2002 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාව තුළ වාර්තා වූ Pneumococcal රෝගීන්ගේ ඉහළම අනුපාතය ලෙසයි සැලකෙන්නේ.

මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියා ප්‍රතිශක්තිකරණ පදනම විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මේ රෝගය සදහා සිදුකරන එන්නත්කරණ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක නොවුණහොත් ලබන වසරේදී මෙම රෝග වැළදීමේ අනුපාතය තවත් ඉහළ යනු ඇති බවයි.

ඔස්ට්‍රේලියා කුඩා ළමුන්ගේ එන්නත්කරණ අනුපාතය පසුගිය වසරේදී 92.8 ක් දක්වා පහත වැටී ඇති බවයි සදහන් වන්නේ.

මේ අතර අවුරුදු 19 ත් 71 ත් අතර වයස් කාණ්ඩවල පසුවන ඔස්ට්‍රේලියානුවන්ගෙන් 20% ක් පමණක් මෙම රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන තිබෙන බවයි එහි දැක්වෙන්නේ.

මෙම ආක්‍රමණශීලී Pneumococcal රෝගය වැළදීම හරහා සදාකලික ආබාධිතභාවය සහ මරණය උරුම විය හැකි බවයි ඔස්ට්‍රේලියා ප්‍රතිශක්තිකරණ පදනමේ අධ්‍යක්ෂක කැතරින් හියුස් විසින් ප්‍රකාශ කර ඇත්තේ.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »