මෙවර උත්සව සමයේදී ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් සම්බන්ධ දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
ඒ අනුව ඉහළ යන ජීවන වියදම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මෙවර උත්සව සමයේදී ඔස්ට්‍රේලියානුවන් ඩොලර් බිලියන 1.6 ක මුදලක් අඩුවෙන් වියදම් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Finder විසින් සිදු කරන ලද මෙම අධ්‍යනයන හරහා අනාවරණය වී ඇත්තේ මෙවර නත්තල් සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවෙකුගේ සාමාන්‍ය වියදම ඩොලර් 1,357 ක් බවයි.
සමස්තයක් ලෙස ගත්කළ මෙවර ඔස්ට්‍රේලියානුවන් නත්තල් සමය වෙනුවෙන් ඩොලර් බිලියන 28.4 ක් පමණ වියදම් කරන බවයි අනුමාන කෙරෙන්නේ.
කෙසේ වෙතත් පසුගිය වසරේදී නත්තල් සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියානුවෙකුගේ සාමාන්‍ය වියදම ඩොලර් 1479 ක් ලෙස සටහන් ව තිබුණු අතර රට පුරා වෙසෙන ඔස්ට්‍රේලියානුවන් විසින් ඩොලර් බිලියන 30 ක මුදලක් නත්තල් උත්සව සමය වෙනුවෙන් වියදම් කර තිබෙන බවයි එම වාර්තා ඔස්සේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් Finder හි මූල්‍ය විශේෂඥ සාරා මෙගින්සන් (Sarah Megginson) ගේ අදහස වී ඇත්තේ මූල්‍ය තත්වය පිළිබදව සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියානු පවුල් විසින් මෙවර ඔවුන්ගේ නත්තල අයවැයෙන් ඩොලර් 122 ක් පමණ කපා හැර ඇති බවයි.