උණ තත්වයක් හේතුවෙන් රෝහලකට රැගෙන ආ 07 හැවිරිදි දැරියක (Aishwarya Aswath) සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නොසැළකිලිමත්භාවය හේතුවෙන් මියයාම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කථාබහක් මතුවී තිබෙනවා.
පර්ත් හි ළමා රෝහලට මෙම දැරිය පසුගිය සෙනසුරාදා රාත්‍රියේ රැගෙනවිත් තිබුණා.
එහෙත් ඇය පැය බ02 කට අධික කාලයක් හදිසි රෝගී අංශයේ රඳවාගෙන සිට ඇති අතර පුලුල් ප්‍රතිකාර සඳහා කල දෙම්ව්පියන් විසින් කරන ලද ඉල්ලීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් නොසළකා හැර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
එම අවස්ථාවේ හදිසි රෝගී අංශයේ සිටි වඩාත්ම අසාධ්‍ය දැරිය මැය බවත් ඇයට පළමුවෙන් ප්‍රතිකාර හිමිවිය යුතුව තිබූ බවත් එහි සිටි වෙනත් මව්වරුන් පිරිසක්ද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.
පර්ත් ළමා රෝහලේ මෙලෙස වගකීම් පැහැර හැරි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති දැයි මෙතෙක් තහවුරු වී නැහැ.