Search

ජනවාරි 1 සිට අඩු වැටුප් ගෙවීම ඔස්ට්‍රේලියාවේ අපරාධමය වරදක් වෙයි

ඔස්ට්‍රේලියාවේ වැඩ කරන ජනතාවට හිතාමතා අඩු වැටුප් ගෙවීම් හෝ රැකියාවට අදාළ හිමිකම් ගෙවීම් පැහැර හරින ඔස්ට්‍රේලියානු ආයතන වලට එරෙහි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය දැනුම් දී තිබෙනවා.

 

ඒ අනුව 2025 ජනවාරි 1 වනදා සිට එසේ සේවකයින්ට අඩු වැටුප් ගෙවන ආයතන හිමිකරුවන්ට එරෙහිව දැඩි නීති ගන්නා බව සදහන්.

 

මෙලෙස සේවකයින්ට නිසි වැටුප් නොගෙවීම ජනවාරි පළමු වනදා සිට අපරාධමය වරදක් ලෙස සැලකෙන බවයි වැඩිදුරත් දන්වා ඇත්තේ.

 

මෙලෙස සේවයට සරිලන වැටුප් හිතා මතා අඩු කරන ඔස්ට්‍රේලියානු ආයතන හිමිකරුවන්ට විරුද්ධව අපරාධ නඩු දැමීමේ අවස්ථාව ද ජනවාරි පළමුවනදා සිට සේවකයින්ට හිමිවනවා.

 

යම් ආයතන ප්‍රධානියෙකු මෙලෙස අපරාධ නඩුවකට සම්බන්ධ වරදකට උසාවියෙන් වරදකරු වුවහොත් දඩ නියම වීමටක හෝ සිරගත කිරීමකට හෝ එම දඩුවම් දෙකටම යටත්වීමට සිදුවන බවයි දන්වා ඇත්තේ.

 

ආයතනය කුඩා හෝ මහ පරිමාන්‍ය වුවද නිතිය සැමට පොදු බව වැඩිදුරටත් සදහන් වන අතර ඔස්ට්‍රේලියාවේ වැඩ කරන සේවකයින්ට ගෞරවාන්විත සේවාවක නියැලීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »