මෙල්බන් බලා පියාසර කරමින් තිබූ Qantas ගුවන් යානයක් අවස්ථා දෙකකදී නැවත ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබෙනවා.
මෙලෙස හරවා යවා තිබෙන්නේ නවසීලන්තයේ සිට මෙල්බන් බලා පියාසර කරමින් තිබූ QF168 දරන Qantas සමාගමට අයත් ගුවන් යානවක් වීම ද විශේෂත්වයක්.
එම ගුවන් යානය අද උදෑසන නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ජාත්‍යන්තර ගුවන් තොටුපළන් මෙල්බන් වෙත පියාසර කිරීම ආරම්භ කර ඇති අතර පැය දෙකකටත් අඩු කාලයක් තුළ එම ගුවන් යානය නැවත වරක් ක්‍රයිස්චර්ච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇතැයි වාර්තා වනවා.
යානයේ පණිවිඩ හුවමාරු (Radio) පද්ධතියේ ඇතිවූ දෝෂයක් මත ගුවන් නියමුවන් විසින් මෙම තීරණය ගෙන තිබෙන බවයි Qantas ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු විසින් සදහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් එම දෝෂය යථා තත්වයට පත් කර ගනිමින් අදාළ ගුවන් යානය නැවතත් මෙල්බන් වෙත පියාසර කිරීම ආරම්භ කළ නමුත් ටැස්මන් මුහුද ආසන්න කලාපයේදී ගුවන් නියමුවන් විසින් දෙවන වතාවටත් ගමනාන්තය වෙනස් කරමින් යානය ක්‍රයිඩ්චර්ච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවාගෙන පැමිණ තිබෙනවා.
ඒ ගුවන් යානා මැදිරියෙන් පැමිණි අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
එම ගන්ධයට හේතුව ඉංජිනේරුවන් විසින් මේ වනවිට විමර්ශනය කරමින් සිටින බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.