Search

ඔස්ට්‍රේලියානු කාන්තාවන් වැඩියෙන් ගැබ්ගන්නා මාසය හෙළිවෙයි

ඔස්ට්‍රේලියානුවන්ගේ නව උපත් වැඩි වශයෙන් සිදුවන මාසයක් ලෙස දෙසැම්බර් වාර්තා අතරට එක්ව තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යාංශ දත්ත අනුව 2014 සිට 2023 වසර දක්වා කාලසීමාව තුල නව උපත් වැඩිපුරම සිදුවන දිනය පිළිබද වාර්තාවක් පසුගිය දා නිකුත් කර තිබුණා.

එම වසර 9තුල වැඩිම නව දරු උපත් සංඛ්‍යාවක් සිදුව ඇත්තේ දෙසැම්බර් 13 වනදා වීම විශේෂත්වයක්.

එම කාලසීමාව තුල දෙසැම්බර් 13 වනදා ඉපද ඇති නව උපත් ගණන 6919ක්.

මීලගට වැඩිම උපත් සංඛ්‍යාවක් සිදුව ඇත්තේ දෙසැම්බර් 31 වනදාබවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

දෙසැම්බර් 24 ද එලෙසම නව දරුවන් වැඩිවශයෙන් බිහිවන දිනයක් ලෙස නම් කර ඇති අතර 6185 වාර්තාගත කාලය තුළ ඉපදී තිබෙනවා.

තවද දෙසැම්බර් 27 ද එලෙස නව දරුවන් වැඩි වශයෙන් බිහිවන දිනයක් වන අතර ඔස්ට්‍රේලියානුවන් අතර නව ඉපදීම් සදහා දරුවන් වැඩිවශයේ පිළිසිදගැනීම් සිදුවන මාසය ලෙස මාර්තු මස හැදින්වෙනවා.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »