මෙවර නත්තලේ මෙල්බර්න් හි නත්තල් අසිරිය විදගන්න යා යුතු තැන් පිළිබද දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
විශේෂයෙන් දර්ශනීය විදුලි ආලෝක සහිත මාර්ගයන් හි ඇවිද විනෝද වීමට ඔස්ට්‍රේලියානුවන් වඩාත් ප්‍රියකරන අතර එවැනි දර්ශනීය මාර්ග රැසක් මෙවර නත්තලේ මෙල්බන් අවට දැක ගැනීමේ අවස්ථාව හිමිවනවා.
මිතුරන් සහ පවුලේ අය සමග විනෝද වීමට විදුලි ආලෝක සහිත හොදම වීදි අතර මෙල්බන් හි Viney Street අංක එකට නම් කර තිබෙනවා.
මේ අතර Cranbourne North ද නත්තල් විදුලි බුබුලු වලින් වඩාත් ආලෝකමත් වූ දර්ශනීයම දෙවන වීදිය ලෙස සදහන්.
මීට අමතරව නත්තලට Street travel යන්න මෙල්බන් හි හොදම වීදි අතර Wantirna, Greenvale, Sunbury යන ප්‍රදේශ අවට මාර්ගයන් හදුන්වා දී තිබෙනවා.
දෙසැම්බර් 1 වනදා සිට 25 වන දා තෙක් මෙලෙස නත්තල් අසිරිය විදිගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව හිමිවන අතර ප්‍රධාන වීදි 18ක් මෙලෙස ආලෝකමත් කර ඇති බව සදහන්.
සෑම වීදියක්ම මධ්‍යම රාත්‍රී 12 පසු වන තෙක් ආලෝකමත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව
Yalta Court – Clayton
Grevillea Road – Kings Park
Christmas Square-Fed Square, Melbourne
Bethany Road – Hoppers Crossing
Rawdon Court – Boronia
Boyd Close – Mooroolbark