Search

මෙල්බන් විශ්වවිද්‍යාලය ලෝක ශ්‍රේණිගත කිරීමකින් යළිත් වාර්තා අතරට

ලෝකයේ වඩාත්ම තිරසාර විශ්ව විද්‍යාල පිළිබද සිදුකළ අධ්‍යනයකට අනුව ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල 3ක් පෙරමුණට පත්ව තිබෙනවා.

QS විශ්ව විද්‍යාල තක්සේරුගත කිරීම් අනුව පාරිසරික අධ්‍යාපනයට ප්‍රමුඛත්වයක් දීම සහ ඒ සදහා වන පර්යේෂණ සැළකිල්ලට ගනිමින් මෙම අධ්‍යනය සිදු කර තිබුණා.

ලොව පුරා විශ්ව විද්‍යාල 1,800 ක් විශ්ලේෂණය කරමින් මෙම අධ්‍යනය සිදුකර ඇති අතර පරිසර අධ්‍යයනයන් සම්බන්ධ විෂය නිර්දේශ සහ පර්යේෂණ ක්‍රමවේදයන් මේ සදහා ප්‍රමුඛත්වය ලබා දී ඇති බව සදහන්.

ඒ අනුව ලොව තිරසරම විශ්වවිද්‍යාලය ලෙස නම් කර ඇත්තේ කැනඩාවේ University of Toronto නම් අකර ඇති අතර දෙවන ස්ථානය ස්විස්ටලන්තයේ ETH Zurich නම් කර තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමේ මෙල්බන් විශ්වවිද්‍යාලයට හිමිවන්නේ 6වන ස්ථානයයි.

ඒ අනුව ලොව තිරසර විශ්වවිද්‍යාල අතුරින් සිඩ්නි විශ්වවිද්‍යාලය 7වන ස්ථානයත් නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයට 8වන ස්ථානයත් හිමිව තිබෙනවා.

ලොව තිරසර විශ්ව විද්‍යාල 10 අතුරින් වැඩිම විශ්වවිද්‍යාලය සංඛ්‍යාවක් හිමි රට බවට ඔස්ට්‍රේලියාව නම් කර තිබීමද විශේෂත්වයක්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »