“sanctuary asia wildlife photography of the year” තරගාවලියේදී වසරේ විශිෂ්ටතම වනජීවී ඡායාරූපකරණයට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක පසුගියදා සමත්වුණා.
තරගාවලිය පැවැත්වුණේ ඉන්දියාවේ මුම්බායි හිදීයි.
කීර්තිමත් බිටු සාගල් විසින් ආරම්භ කරන ලද මෙම තරගාවලිය 1981 වසරේ සිට ක්‍රියාත්මකව තිබෙනවා.
ඉන්දියාවේ පමණක් නොව සමස්ත ආසියාවේම දැඩි අවධානයක් දිනාගන්නා මෙම තරගාවලිය වනජීවී සංරක්ෂණය ප්‍රමුඛ කරගනිමින් ක්‍රියාත්මකවන්නක් බව සදහන්.
“සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් ද ඉයර්” තරගාවලිය පැවැත්වෙන්නේ දැඩි තරගකාරීත්වයක් පවතින වනජීවී ඡායාරූපකරණය වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය ඡායාරූප ශිල්පීන් මෙහි විවිධ කාණ්ඩ යටතේ සම්මාන හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.
වනජීවී ඡායාරූපකරණය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී මෙම සම්මානය ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක වීම විශේෂත්වයක්.