Search

ලොව ප්‍රමුඛ රටවල් Social Media අවම වයස ගැන තීරණයක්

ළමුන් ස්මාර්ට් ජංගම දුරකථන සහ tab පරිගණක බහුලව භාවිතා කිරීම ළමුන් අතර “උමතු භාවය” ක් නිර්මාණය කර ඇති බව එක්සත් ජනපද සමාජ මනෝවිද්‍යාඥයෙකු සදහන් කර තිබෙනවා.

ජොනතන් හේඩ්ට් වන ඔහු පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාව එහි නිර්භීත නව සමාජ මාධ්‍ය නීති සමඟ “පෙරමුණේ” සිටින බවයි.

ළමා සහ නව යොවුන් වියේ මානසික සෞඛ්‍යය දුරකථන හේතුවෙන් පිරිහි ඇති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

එක්සත් ජනපද කොන්ග්‍රසය ඇතුළු තවත් රජයන් ඔස්ට්‍රේලියාව  අනුගමනය කළ යුතු අතර සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීමේ අවම වයස අවුරුදු 16 විය යුතු බවට ජාත්‍යන්තර ප්‍රජාව අතර කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

ඒ අනුව social media අවම වයසක් තිබිය යුතු බවට බොහෝ සංවර්ධිත රාජ්‍යන් තීරණයන් ගැනීමට සාකච්ඡා පවත්වන බව සදහන්.

සමාජ මාධ්‍ය භාවිතයට අවම වයසක් තිබිය යුතු බවට සදහන් කිරීමට හේතු හතරක් අවධාරණය කර තිබෙනවා.

ග්‍රැෆික් ලිංගිකත්වය, අධික ප්‍රචණ්ඩත්වය, ඇබ්බැහි වීම සහ ශාරීරික අනතුරු, යන සාධක 4ම ළමයෙකුට එකවර සමාජ මාධ්‍ය ඔස්සේ හිමිවන බවයි විචාරකයින් පවසන්නේ.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »