Search

මෙල්බන් නිවාස අර්බුදයට විසදුමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් හි කුලී නිවැසියන් වෙනුවෙන් නව නිවාස සංකීර්ණයක් විවෘත කර තිබෙනවා.

ෆෙඩරල් රජය විසින් ක්‍රියාත්මක කරන “Build to Rent” නිවාස යෝජනා ක්‍රමය යටතේ දීර්ඝ කාලයක් තිස්සේ කුලී නිවැසියන් ලෙස කටයුතු කරන පුද්ගලයන් උදෙසා මෙම නිවාස වැඩසටහන ආරම්භ කර තිබෙන බවයි සදහන් වන්නේ.

මෙම නිවාස යෝජනා ක්‍රමය හරහා විවෘත වූ පළමු නිවාස සංකීර්ණයේ නිරීක්ෂණ කටයුතු සදහා ඔස්ට්‍රේලියා නිවාස අමාත්‍ය නිවාස අමාත්‍ය ක්ලෙයාර් ඕ නීල් (Clare O Neill) ද එක්ව තිබෙනවා.

මෙල්බන් හි සවුත්බෑන්ක් උප නගර කලාපයේ පිහිටා ඇති මෙම නව නිවාස සංකීර්ණයට Sauna, ව්‍යායාම මධ්‍යස්ථානයක් මෙන්ම ව්‍යාපාරික මධ්‍යස්ථායක් ද අන්තර්ගත ව තිබීම ද විශේෂත්වයක්.

නිවාස සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු සදහා ස්ථානීය නඩත්තු අංශයක් ද ස්ථාපිත කර තිබීම ද කැපී පෙනෙනවා.

මෙම නිවාස ආකෘතිය ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්ම එක්සත් රාජධානියේ ද දක්නට ලැබෙන බවයි සදහන් වන්නේ.

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »