Search

වික්ටෝරියාවේ කාලගුණය අද සිට වෙනස් වෙයි

වසර කිහිපයකට පසුව වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ඉදිරි දින කිහිපයේදී දැඩි උණුසුම් කාලගුණයකට මුහුණ දීමට සිදු වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාවට ළගාවන අතර ඇතැම් ප්‍රදේශවල අද (16) දින උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ක් දක්වා ඉහළ යා හැකියි.

2019 වර්ෂයෙන් පසුව අද දින මෙල්බන් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 ක් දක්වා ඉහළ යා හැකි බවද වැඩිදුරටත් සදහන්.

එමෙන්ම Bendigo හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් දක්වා ඉහළ යා හැකි බවත් Yarrawonga හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ක් පමණ විය හැකි බවයි දැක්වෙන්නේ.

Mildura සහ Swan Hill යන ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ක් දක්වා ඉහළ යනු ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

කෙසේ වෙතත් ඇතිවිය හැකි දරුණු ලැව් ගිනි තත්වයන් සැලකිල්ලට ගනිමින් වික්ටෝරියා ප්‍රාන්ත ගිනි නිවන අධිකාරිය (Country Fire Authoriy) විසින් ගුවන් යානා සහ හෙලිකොප්ටර් 54 ක් පමණ ස්ථානගත කර තිබෙනවා.

මෙවැනි පසුබිමක් තුළ ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකටම Fire Ban නීති පනවා තිබෙන බව ද වාර්තා වනවා.

වික්ටෝරියා හදිසි සේවා යෙදුම (Vic Emergency App) හරහා නිකුත් කරන අනතුරු ඇඟවීම් සදහා අවධානය යොමු කරන ලෙසයි ප්‍රාන්ත වැසියන් වෙත බලධාරීන් විසින් දැනුම් දී ඇත්තේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »