වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ඔස්ට්‍රේලියා දින (Australia Day) පෙළපාලිය මෙවරත් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මේ හේතුවෙන් වික්ටෝරියා රජය විසින් ප්‍රාන්ත වාසී ඔස්ට්‍රේලියානුවන් බහුතරයකගේ කැමැත්ත කෙරෙහි අවධානයක් යොමු නොකර ඇති බවට බොහෝ දෙනා චෝදනා නගන බවයි දැක්වෙන්නේ.
COVID – 19 වසංගත කාල සීමාවෙන් පසුව ඔස්ට්‍රේලියා දින පෙළපාලිය මෙතෙක් නොපවත්වා තිබෙන පසුබිමක වික්ටෝරියා රජයේ ප්‍රකාශයන් හමුවේ එය නැවත නොපැවැත්වෙන බවට කරුණු හෙළි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් මහජන කටයුතු පිළිබද ආයතනයේ (Institute of Public Affairs) නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂක ඩැනියල් වයිල්ඩ් ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
මහජන කටයුතු පිළිබද ආයතනය (IPA) විසින් සිදු කරන ලද ඡන්ද විමසුමේ ප්‍රතිඵලවලට අනුව 63% කගේ මහජන මතය වී තිබුණේ ජනවාරි 26 වනදා ඔස්ට්‍රේලියා දිනය සැමරිය යුතු බවයි.
කෙසේ වෙතත් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ගෙන ඇති මෙම තීරණය First People’s Assembly of Victoria හි සම සභාපති Ngarra Murray විසින් පිළිගෙන තිබීම ද විශේෂත්වයක්
ජනවාරි 26 දිනය සැමරිය යුතු දිනයක් නොවන බවයි ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ.