Search

න්‍යෂ්ඨික බලශක්ති බලගාර ගැන අගමැතිගෙන් ප්‍රතිඥාවක්

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් ඔස්ට්‍රේලියාව තුළ දැනට ක්‍රියාත්මක වන න්‍යෂ්ඨික බලශක්ති තහනම ඉවත් කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කම්කරු රජය පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙන පසුබිමක විපක්ෂය විසින් න්‍යෂ්ඨික බලශක්ති උත්පාදනය සිය ඉදිරි මැතිවරණ ප්‍රතිපත්තියක් ලෙස යොදා ගෙන තිබීම කැපී පෙනෙනවා.

1990 දශකයේ දී ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධූරය දැරූ ජෝන් හොවාර්ඩ් විසින් ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති උත්පාදනය සදහා තහනමක් හදුන්වා දී තිබෙන බවයි සදහන් වන්නේ.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු විපක්ෂය විසින් සිය බලශක්ති සැලසුම ඔස්සේ න්‍යෂ්ඨික බලශක්ති උත්පාදනය සදහා විශාල ඉඩක් වෙන් කර තිබීම ද විශේෂත්වයක්.

මේ අතර අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් බලයට පත්වීමෙන් පසුව බලශක්ති බිල්පත් වල මිල දළ වශයෙන් ඩොලර් 600 කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියානු බලශක්ති වෙළද කොමිසම (Australia Energy Market Commission) විසින් පෙන්වා දෙන්නේ මීට පෙර ඩොලර් 1,645 ක් වූ සාමාන්‍ය විදුලි බිල් ගාස්තුව මේ වනවිට ඩොලර් 1,979 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

රුසියානු – යුක්‍රේන යුද්ධය නිසා ඇතිවූ ලෝක බලශක්ති මිල ඉහළ යෑම පදනම් කරගෙන මෙම තත්වය උද්ගත වී තිබෙන බවයි මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ අදහස වී ඇත්තේ.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »