Search

කුඩා දරුවන්ට සුදුසුම රටවල් අතරට ඔස්ට්‍රේලියාවත්

කුඩා කල සිට දරුවෙකු ඇති දැඩි කිරීම සදහා සුදුසුම රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාව ද නම් කර තිබෙනවා.

World of Statistics විසින් සිදු කළ මෙම ශ්‍රේණිගත කිරීමේදී ඔස්ට්‍රේලිවට අට වන ස්ථානය හිමිව තිබීම කැපී පෙනෙනවා.

ඒ අනුව ඩෙන්මාර්කය කුඩා කළ සිට දරුවෙකු ඇති දැඩි කිරීම සදහා සුදුසුම රට ලෙසයි නම් කර ඇත්තේ.

එම රටවල් අතර දෙවන ස්ථානය ස්වීඩනයට හිමිව තිබෙන පසුබිමක නෝර්වේ එම ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව තිබෙන බවද සදහන්.

මෙහි සිව් වන සහ පස් වන ස්ථාන පිළිවෙලින් ෆින්ලන්තය සහ ස්විට්සර්ලන්තය හිමි කර ගනිද්දී කැනඩාවට සහ නෙදර්ලන්තයට ශ්‍රේණි ගත කිරීමේ දී හය වන සහ හත් වන ස්ථාන හිමිව තිබෙනවා.

ලැයිස්තුවේ නව වන ස්ථානය නවසීලන්තය ට හිමිව තිබෙන පසුබිමක කුඩා කල සිට දරුවෙකු ඇති දැඩි කිරීම සදහා සුදුසුම රටවල් අතර දස වන ස්ථානය සදහා ඔස්ට්‍රියාව නම් කර තිබෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.