Search

ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය මේ වනවිට අවසන් වී තිබෙනවා.

ඊයේ (14) බ්‍රිස්බන් වෙත ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය අතර මග නවතා දැමීමට සිදු වුණා.

තරගයේ දෙවන දිනය අවසන් වනවිට ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7 ක් පමණක් දැවී ලකුණු 405 ක් රැස් කර ගැනීමට සමත්කම් දැක්වූවා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ ට්‍රැවිස් හෙඩ් පන්දු 160 කදී අගනා ලකුණු 152 ක් රැස් කිරීමට සමත් වුණා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් තවත් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ ස්ටීව් ස්මිත් පන්දු 190 කදී ලකුණු 101 ක් රැස් කිරීම ද කැපී පෙනෙනවා.

ඒ අනුව දෙවන දිනයේ දී තරගයේ වැඩි වාසි අත් කර ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩාම සමත් වී තිබෙනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »