Search

නත්තලට තෑගි යවන ඔස්ට්‍රේලියානුවන්ට සුබ ආරංචියක්

Australia Post විසින් සති අන්තයේ දී සිදු කරන පාර්සල් බෙදා හැරීමේ කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා.

ඒ නත්තල් සමය හේතුවෙන් බෙදා හැරීම සදහා ඔවුන් වෙත ලැබෙන පාර්සල් ප්‍රමාණයේ ඉහළ යෑමක් අපේක්ෂා කිරීමත් සමග බවයි සදහන් වන්නේ.

මෙලෙස සති අන්තයේ දී නැවත ආරම්භ කරන ලද පාර්සල් බෙදා හැරීමේ කටයුතු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල සහ තෝරාගත් කලාපවලදී සිදු කරන බවයි දැක්වෙන්නේ.

ඒ අනුව නත්තලට පෙර පාර්සල් නියමිත ස්ථානවලට ප්‍රවාහනය කිරීම සදහා Australia Post වෙත භාර දිය යුතු දින වකවානු සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

නත්තල් දිනට පෙර පාර්සල් අදාළ ස්ථාන වෙත යැවීමට අවශ්‍ය නම් දෙසැම්බර් 20 වනදාට පෙර ඒවා Australia Post වෙත ලබා දිය යුතු බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

එමෙන්ම Express Shipping ක්‍රමවේදය හරහා එවන පාර්සල් දෙසැම්බර් 23 වනදාට පෙර එවිය යුතු බව ද සදහන්.

පසුගිය කාර්තුවේ සෑම මසකම ඔස්ට්‍රේලියානු පවුල් මිලියන 5.7 ක් පමණ Online ක්‍රමවේදය හරහා භාණ්ඩ මිළදී ගැනීම සිදුකර තිබෙන බවයි දත්ත වාර්තා හරහා පෙන්වා දෙන්නේ.

සති අන්තයේ දී නැවත ආරම්භ වූ මෙම බෙදාහැරීමේ ක්‍රියාවලිය නත්තල් දිනය දක්වාම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »