
ඔස්ට්‍රේලියාවට නැවත වරක් පැන්ඩාවුන් දෙදෙනෙකු හිමි ව තිබෙනවා.
චීනයේ සිට පැය 15 ක පමණ ගුවන් ගමනකින් පසුව අද (15) උදෑසන මෙම පැන්ඩා පැටවුන් දෙදෙනා ඇඩිලේඩ් වෙත ළගා වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස චීනයේ සිට රැගෙන විත් ඇත්තේ “ෂිං කියු” සහ ‘යී ලෑන්” යන වයස අවුරුදු 3 ක පිරිමි පැටවෙකු සහ ගැහැණු පැන්ඩා පැටවෙකු බවයි පැවසෙන්නේ.

මෙම සත්වයින් දෙදෙනා නිරෝධායන කටයුතු සදහා දින 30 ක කාලයක් ඇඩිලේඩ් සත්වෝද්‍යානය තුළ තැබීමට සැලසුම් කර තිබෙනවා.
නිරෝධායන කාල සීමාව අවසන් වීමෙන් පසුව මෙම සත්වයින් දෙදෙනා පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් ද පැවැත්වීමට නියමිතයි.

මීට පෙර වසර 15 ක කාලයක් තිස්සේ ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටි “වැන්ග් වැන්ග්” සහ “ෆුයි නී” යන පැන්ඩා සත්වයින් දෙදෙනා නැවත චීනයට රැගෙන යාමෙන් පසුව පැමිණෙන මෙම පැන්ඩා පැටවුන් දෙදෙනා දැක බලා ගැනීමට බොහෝ දෙනා උද්යෝගයෙන් සිටින බවයි වාර්තා වන්නේ.