Search

ජනපති අනුරගේ පළමු විදෙස් සංචාරය අද සිට

ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක අද (15) පස්වරුවේ නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත් වීමට නියමිතයි.

ඔහු ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව නිරත වන පළමු විදේශ සංචාරය මෙය වීම ද විශේෂත්වයක්.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය හරහා දෙරට අතර බහුවිධ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම සංචාරයට සමගාමීව ජනපතිවරයා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග නිල ද්වීපාර්ශවික සාකච්ඡා කිහිපයක නිරත වීමට ද නියමිතයි.

දෙරටේ නායකයින් දෙදෙනාගේ එම හමුව නවදිල්ලි හි පිහිටි රාශ්ඨ්‍රපති භවන් හීදී පැවැත්වෙන බවයි සදහන් වන්නේ.

සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා නව දිල්ලි හීදී පැවැත්වීමට නියමිත ව්‍යාපාරික සමුළුවකට ද සහභාගී වන බවයි එහි දැක්වෙන්නේ.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සදහා විදේශ අමාත්‍ය විජිත හේරත් සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ඇතුලු පිරිසක් ද එක්වීමට නියමිතයි.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »