පර්යේෂණ සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ කෙටි කාලීන පාඨමාලාවක් හැදෑරීමට ශ්‍රී ලාංකිකයන් ට අවස්ථාව උදා වී තිබෙනවා.
ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය විසින් ක්‍රියාත්මක කරන Australia Awards වැඩසටහන යටතේයි මෙම අවස්ථාව ලබා දී ඇත්තේ.
ප්‍රතිපත්ති සංවර්ධනය යටතේ මූලෝපායික කාර්යභාරයක් ඉටු කරන නායකයන්ට මේ සදහා අයදුම් කළ හැකියි.
ඒ අනුව ඔවුන්ට පර්යේෂණ ප්‍රතිපත්ති සම්පාදනය දක්වා වැඩි දියුණු කර ගැනීම සදහා මෙම වැඩසටහන ඔස්සේ අවකාශය හිමි වනවා.
මේ සදහා අයදුම්පත් භාර ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙන අතර අයදුම්පත් යොමු කිරීම සදහා ලබන වසරේ ජනවාරි 10 වනදා දක්වා හැකියාව පවතිනවා.
පහත වෙබ් අඩවියට පිව්සීම හරහා මේ පිළිබදව වැඩිදුර විස්තර සහ අයදුම් කිරීම් සිදු කළ හැකියි.