ඔස්ට්‍රේලියානු විපක්ෂයේ බලශක්ති සැලසුම සම්බන්ධයෙන් අදහස් රැසක් ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව විපක්ෂයේ බලශක්ති සැලැස්ම යටතේ න්‍යෂ්ඨික බලාගාර 7 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි දැක්වෙන්නේ.
න්‍යෂ්ඨික බලාගාර ව්‍යාපෘතිය සදහා එක් බලාගාරයකට ඩොලර් බිලියන 20 බැගින් ඩොලර් බිලියන 140 ක් පමණ වැය වන බවයි සදහන් වන්නේ.
මෙම පිරිවැය ඇස්තමේන්තුව සිදුකර ඇත්තේ Frontier Economics වාර්තාව මත පදනම් ව වීම ද කැපී පෙනෙනවා.
කෙසේ වෙතත් විපක්ෂය අවධාරණය කර ඇත්තේ මෙම බලාගාර ඉදිකිරීමේ සැලසුම සදහා ඩොලර් බිලියන 120 ක් පමණ වැය වන බවයි.
ඔස්ට්‍රේලියාවට අවශය බලශක්තියෙන් 38% ක් පමණ න්‍යෂ්ඨික බලය යොදාගෙන නිපදවිය හැකි බවයි මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විපක්ෂයේ මතය වී ඇත්තේ.
නමුත් මෙම යෝජනාව තුළ ගැටළුකාරී තත්වයන් රැසක් පවතින බව ෆෙඩරල් රජය විසින් සදහන් කර තිබෙනවා.