ෆෙඩරල් අයවැය හිඟය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
පසුගිය රජය විසින් ආරක්ෂක අංශවල සේවය කළ නිලධාරීන්ට ( veterans) ලබා දිය යුතු ගෙවීම් පැහැර හැරීම මත මෙම තත්වය උද්ගත වී තිබෙන බවයි සැලකෙන්නේ.
ඒ අනුව ආරක්ෂක අංශවල සේවය කළ නිලධාරීන් සදහා අමතර ඩොලර් බිලියන 1.8 ක් අය විය යුතු බවට ඔස්ට්‍රේලියා භාණ්ඩාගාරික Jim Chalmers විසින් ප්‍රකාශ කර තිබෙනවා.
මෙලෙස අයවැය හිඟයක් නිර්මාණය වීම සදහා මෙය එක් හේතුවක් බවට පත්ව තිබෙන බවයි ඔහුගේ අදහස වී ඇත්තේ.
මෙම ගෙවීම් සදහා මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඩොලර් බිලියන 6.5 ක මුදලක් දැනටමත් වියදම් කර තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ සම්බන්ධයෙන් ෆෙඩරල් රජය විසින් අවධාරණය කර ඇත්තේ අදාළ පාර්ශවය වෙත් සිදු කළ යුතු ගෙවීම් වැඩි වී තිබෙන නමුත් එහි ඇතිවිය හැකි පසුබෑම වළක්වා ගැනීම සදහා රජය විසින් ආයෝජනයන් සිදු කර තිබෙන බවයි.