පසුගිය සිකුරාදා සිට ඔස්ට්‍රේලියාවේ නව ආගමික – කම්කරු ගිවිසුමක් බලාත්මක වී තිබෙනවා.
ඒ අනුව ආගමික ආයතනවලට විදේශ රටවල සිට පුහුණු ශ්‍රමිකයන් ඔස්ට්‍රේලියාව වෙත ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
එලෙස ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ ශ්‍රමිකයන්ට ඉදිරියේදී ඔස්ට්‍රේලියාව තුළ ස්ථිර පදිංචිය ලබා දීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීමටද නියමිතයි.
මේ යටතේ අනුමැතිය හිමිවන ආගමික ආයතන සැබෑ ලෙසම තම ආගමික මතවාදයන් ප්‍රචාරණය කරන ආයතන විය යුතු අතර එම ආයතන ස්වේච්ඡා සේවා සපයන බවට ද සහතික විය යුතුයි.
නව ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නා ශ්‍රමිකයන් සදහා අවශ්‍ය සුදුසුකම් ඇතුලු අනෙකුත් සියලු තොරතුරු යාවත්කාලීන කර තිබෙන බවයි සදහන් වන්නේ.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු වෙබ් අඩවියට පිව්සීම හරහා ලබාගත හැකියි.