COVID – 19 වසංගතයෙන් අනතුරුව දේශ සීමා නැවත විවෘත කිරීමෙන් පසු පළමු වරට ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන් සංඛ්‍යාව පහත වැටී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛන කාර්යංශය (ABS) විසින් නිකුත් කර තිබෙන නවතම දත්තවලට අනුව 2023 -24 මූල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව 446,000 ක් බවයි සදහන් වන්නේ.
කෙසේ වෙතත් එම අගය මීට පෙර මූල්‍ය වර්ෂයේදී පැවති සංක්‍රමණ සංඛ්‍යාව වන 536,000 ට වඩා අඩු අහයක් ගැනීම ද විශේෂත්වයක්.
ඒ අනුව මෙම වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන් සංඛ්‍යාවෙන් මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය අවස්ථා හතරක දී සම්පූර්ණයෙන්ම පිරවිය හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
2023 – 24 මූල්‍ය වර්ෂයේදී සංචාරකයන් ද ඇතුලුව ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 667,000 කට ආසන්න වී තිබෙනවා.
කෙසේ වෙතත් එය පසුගිය වසරේදී පැවති 739,000 ට වඩා 10% ක පමණ පහළ යෑමක් බවයි සංඛ්‍යා ලේඛන කාර්යංශ දත්ත වාර්තා විසින් පෙන්වා දෙන්නේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාවෙන් බැහැර වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ද 8% කින් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේදී එම අගය 204,000 ලෙස පැවති නමුත් මෙම වසරේ මේ දක්වා කාලය තුළ එය 221,000 දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්.
ගතවූ මාස 12 ක කාලය සමග සංසන්දනය කිරීමේදී ඔස්ට්‍රේලියාවට වැඩිම පිරිසක් පිරිසක් පැමිණ තිබුණේ 2023 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස 12 ක කාලයේදී වන අතර එම අගය 556,000 ක් ලෙස සටහන් ව තිබුණා.