
දැනට බිලියනපතියන් ලෙස සිටින ජනප්‍රිය ධනවතුන් ට්‍රිලියනපතියන් බවට පත්වන වර්ෂයන් සම්බන්ධව දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ World of Statistics විසින් වීම ද විශේෂත්වයක්.
ඒ අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඊලෝන් මස්ක් 2027 වර්ෂයේදී ට්‍රිලියනපතියෙකු බවට පත් වන බවයි එහි දැක්වෙන්නේ.

ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුව නියෝජනය කරන ගෞතම් අදානි, ජෙන්සන් හුවාන් සහ prajogo pangestu යන බිලියනපතියන් ද 2028 වසරේදී ට්‍රිලියනපතියන් බවට පත් වීමට නියමිතයි.
2030 වසරේදී ට්‍රිලියනපතියන් බවට පත්වන ධනවතුන්ගේ ලැයිස්තුවට Bernad Arnault, මාර්ක් සකබර්ග් සහ පිල් නයිට් යන බිලියනපතියන් ඇතුලත් ව තිබෙනවා.

මුකේෂ් අම්බානි සහ මයිකල් ඩෙල් 2034 වසරේදී ට්‍රිලියනපතියන් බවට පත්වන බවයි එහි සදහන් වන්නේ.
මෙම වාර්තාව ඔස්සේ 2034 වසරේදී ස්ටීව් බෝල්මර් ට්‍රිලියනපතියෙකු බවට පත් වන බවයි පෙන්වා දී ඇත්තේ.