![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
ඔස්ට්‍රේලියාවේ දුම් වැටි මිල ඉහළ යාමත් සමග වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ගංජා භාවිතය සදහා යොමු වී තිබෙන බවට නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.
ෆෙඩරල් රජය විසින් මෙලෙස දුම්කොළ බදු ඉහළ දැමීම සිදු කරන්නේ දුම් පානය නැවැත්වීම සදහා ඔස්ට්‍රේලියානුවන් දිරිමත් කිරීමේ අරමුණ මත බවයි සැලකෙන්නේ.
Curtin විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණ, ආර්ථික විද්‍යා හා මූල්‍ය පාසල (School of Accounting, Economics and Finance) විසින් සිදු කර ඇති මෙම අධ්‍යයනය සදහා 2010 සිට 2019 දක්වා Australian National Drug Strategy Household Survey හි දත්ත භාවිතා කර තිබෙන බවයි සදහන් වන්නේ.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
මෙහිදී ඔස්ට්‍රේලියානුවන් 100,000 කගේ භාණ්ඩ මිළදී ගැනීමේ පුරුදු විමර්ශනය කර තිබෙන බවයි දැක්වෙන්නේ.
ඒ අනුව වයස අවුරුදු 50 ට වැඩි ඔස්ට්‍රේලියානුවන් දුම් වැටි මිල ඉහළ යන විට ගංජා භාවිතය සදහා යොමු වී සිටින බවයි මෙම පර්යේෂණය හරහා අනාවරණය වී ඇත්තේ.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
එමෙන්ම වයස අවුරුදු 50 ට වැඩි ඔස්ට්‍රේලියානුවන් 68,000 ක් පමණ සදහන් කර ඇත්තේ දුම්කොළ මිල 10% කින් ඉහළ ගියහොත් ගංජා භාවිතා කිරීම ආරම්භ කරන බවයි.