Search

ඔස්ට්‍රේලියානුවන් අතර ජනප්‍රිය ඖෂධයක අලෙවියට දැඩි සීමා

ඔස්ට්‍රේලියානුවන් අතර පැරසිටමෝල් අධික ලෙස භාවිතයට ගැනීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මෙවැනි පසුබිමක කාන්තාවන් සහ යෞවන වියේ පසුවන ගැහැණු ළමුන් මෙම ඖෂධ වැඩි වශයෙන් භාවිතා කිරීමට හුරු වී සිටින බවයි සදහන් වන්නේ.

ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තුමේන්තු දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ ජූලි මාසය දක්වා ගතවූ වසර දෙකක කාලසීමාව තුළ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පමණක් පැරසිටමෝල් අධික ලෙස භාවිතා කිරීම හේතුවෙන් පුද්ගලයන් 1485 ක් පමණ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් වී තිබෙනවා.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ සහ Nothern Territory හි මෙම ඖෂධ වර්ගය අධි මාත්‍රාවෙන් භාවිතා කළ හදිසි ප්‍රතිකාර අංශ වෙත ඇතුළත් වූ රෝගීන්ගෙන් 30% ක් පමණ අවුරුදු 16 සහ ඊට අඩු වයස් සීමාවන් හි පසුවන ගැහැණු ළමුන් බවයි පැවසෙන්නේ.

මෙවැනි පසුබිමක් තුළ බලධාරීන් විසින් පැරසිටමෝල් ඖෂධය නියාමනය කිරීමට තීරණය කර තිබෙන බවයි සදහන් වන්නේ.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට එක් ඇසුරමක අඩංගු වූ පැරසිටමෝල් ප්‍රමාණය 16 ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉදිරියේදී ඖෂධවේදියෙකුගේ අනුමැතියකින් තොරව පාරිභෝගිකයන්ට අලෙවි කළ හැක්කේ පැරසිටමෝල් පෙති 50 ක් වීම ද විශේෂත්වයක්.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »