ඉදිරි දිනවලදී ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක දැඩි උණුසුම් කාලගුණයක් පවතින බවට අපේක්ෂා කරනවා.
ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් දක්වා ඉහළ යා හැකි බවයි දැක්වෙන්නේ.
මෙවැනි පසුබිමක නිව් සවුත් වේල්ස්, ACT, වික්ටෝරියා, බටහිර ඔස්ට්‍රේලියා සහ Nothern Territory වෙත තාප තරංග (Heatwaves) අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල තාප තරංග (Heatwaves) තත්වයන් ඇති වන නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දේශ සීමාව ආසන්නයේ පිහිටි Wangaratta, Albury – Wodonga සහ Mallacoota වැනි ප්‍රදේශවල දැඩි තාප තරංග තත්වයක් ඇති විය හැකි බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.
ප්‍රාන්තයේ උෂ්ණත්වය ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 30 සීමාව පසු කර යා හැකි බවයි දක්වා ඇත්තේ.
හෙට දිනයේ දී මෙල්බන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශය 32 ක් පමණ විය හැකි බවයි අනුමාන කෙරෙන්නේ.