වික්ටෝරියා ප්‍රාන්තය තුළ ළමා ආරක්ෂණ කාර්ය සාධක බලකායක් නිර්මාණය කරන ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත මරණ පරීක්ෂකයෙකු විසින් 2016 සහ 2017 යන කාල සීමාවන් වලදී පවුල් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සිදුවූ මරණ හතරක් සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් වීමත් සමග මෙම ඉල්ලීම සිදු කර තිබෙන බවයි දැක්වෙන්නේ.
මාස 6 සිට අවුරුදු 15 දක්වා වයස් සීමාවන් හි පසුවන මෙම ළමුන් සිව් දෙනාගේ මරණ හරහා රාජ්‍ය ළමා රක්ෂණ පද්ධතියේ පවතින බරපතල ගැටළු රැසක් පවතින බවයි රජයේ පරීක්ෂණයක් හරහා මේ වනවිට හෙළිදරව් වී ඇත්තේ.
2022 වසරේදී Review of Family Violence Deaths in Victoria විසින් මෙම මරණ සම්බන්ධයෙන් මහජන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත හදිසි මරණ පරීක්ෂක ජෝන් කේන් විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීම්වලදී පූර්ව පවුල් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වාර්තා වී තිබුණද එම පවුල්වලට අවශ්‍ය සහාය ලබාදීමට ළමා ආරක්ෂණ පද්ධතිය විසින් අපොහොසත් වී ඇති බවයි.
මෙම මරණ පරීක්ෂණ වාර්තාව හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ආරක්ෂණ රාමුව තුළ සිදුවිය යුතු නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් ද ඉදිරිපත් කර තිබීම ද කැපී පෙනෙනවා.