Search

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට

මෙම වසරේ ගෙවුණු කාල සීමාව තුළ සංචාරකයන් මිලියන 1.9 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවට සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පෙන්වා දී තිබෙනවා.

එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා ප්‍රකාශ කර ඇත්තේ දෙසැම්බර් මාසයේ ගෙවුණු දිනවලදී පමණක් සංචාරකයින් 90,000 පමණ මෙරටට පැමිණ සිටින බවයි.

ඒ අනුව දෙසැම්බර් මාසය තුළ සමස්ත සංචාරකයින් 250,000 ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අපේක්ෂා කරන බවයි ඔහුගේ අදහස වී ඇත්තේ.

මෙම වසරේදී සංචාරකයන්ගේ පැමිණීම මිලියන 2.2 ක ඉලක්කයට ළගා වීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා විසින් සදහන් කර තිබෙනවා.

2018 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයන්ගේ සීමාව මිලියන 2.2 ඉලක්කය සපුරා ගන්නා පළමු අවස්ථාව මෙය විය හැකි බව බුද්ධික හේවාවසම් විසින් ප්‍රකාශ කර තිබීම ද විශේෂත්වයක්.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »