Search

ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගය අද (14) බ්‍රිස්බන් හීදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුව යැවීමට තීරණය කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 13 පන්දු 2 ක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 28 ක් රැස් කරගෙන සිටිනවා.

කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් තරගය මේ වනවිට නවතා දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

තරග 5 කින් සමන්විත බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ තරග 1 – 1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසු වනවා.

ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය සදහා තේරී පත් වීම වෙනුවෙන් මෙම තරගයේ ජය කණ්ඩායම් දෙකටම වැදගත් වීම විශේෂත්වයක්.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »