Search

නත්තලේ බීමත් වන වික්ටෝරියානුවන්ට සුබ ආරංචියක්

උත්සව සමයේ මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Rideshare සමාගමක් විසින් DiDi නම් වූ නව සේවාවක් ආරම්භ කර තිබෙනවා.

DiDi Tow නමින් හැඳින්වෙන මෙම සේවාව පාරිභෝගිකයින්ට ඔවුන් මත්පැන් පානය කර ඇත්නම් තමන් සහ ඔවුන්ගේ මෝටර් රථය ආරක්ෂිතව නිවසට ගෙන ඒම සඳහා DiDi යෙදුම හරහා ඇදගෙන යන ට්‍රක් රථයක් වෙන්කරවා ගැනීමට අවස්ථාව හිමිවනවා.

බීමත් රියදුරන් හේතුවෙන් සිදුවන මාර්ග අනතුරු අවම කිරීම මෙහි අරමුණ බව සදහන්.

සෑම වසරකම ඔස්ට්‍රේලියානු මහ මාර්ගවල අනතුරු වැඩියෙන්ම සිදුවන කාල සීමාව නත්තල් සමය වන අතර 

මෙම තත්වය ඉදිරියෙදී පාලනය කිරීමට මෙම සේවාවට හැකිවනු ඇතැයි සදහන් කර තිබෙනවා.

මෙම නව Didi සේවාව මූලිකව වික්ටෝරියා කේන්‍ද්‍රගතව ආරම්භ වන අතර විශේෂයෙන් සති අන්තයේ මෙල්බන් හි Didi සේවා කඩිනමින් ලබා ගැනීමේ හැකියාව රියදුරන්ට හිමිවනවා.

DiDi Tow හරහා වාහන හිමිකරු මෙන්ම වාහනය ද ඉතා ආරක්ෂිතව ට්‍රක් රථයක නන්වා අදාළ ස්ථාන වෙත ගෙනැවිත් දෙන බවයි වාර්තා වන්නේ.

DiDi හි විදේශ කටයුතු ප්‍රධානී Dan Jordan සදහන් කළේ මෙය රටපුරා බීමතින් රිය පැදවීම අවම කිරීම සහ රිය ධාවනය ආරක්ෂිතව කිරීම සඳහා ගත් නව ක්‍රියාවලියක් බවයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »